27 April 2024
#විලාසිතා

කලා වැඩසටහනක් උකුවෙල දි

උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම කලා ආයතනයන්හි චමත්කාරී රැඟුම් ගැයුම් වැයුම් සහිත සංස්කෘතිකාංග රැසක් සමඟින් අපූර්වතම ප්‍රාසාංගික වැඩසටහනක් ලෙස අවුල්හැරය වැඩසටහන පසුගියදා උකුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේදි පැවැත්විණි.

උකුවෙල ප්‍රාදේශීය මහ ලේකම් එස්.එන්.කේ.සේරසිංහ මහත්මියගේ පූර්ණ මඟපෙන්වීම යටතේ සංස්කෘතික නිලධාරින්ගේ සම්බන්ධීකරණයෙන් පවත්වන්නට යෙදින.

මෙම වැඩසටහන සඳහා ලෝක තරුණ බෞද්ධ සංගමයේ නිර්මාතෘ, සමස්ත ලංකා මෙන්ම මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, උකුවෙල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති මුගුණවෙල අනුරුද්ධ නාහිමිපානන්, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශි ලේකම් ලහිරු මාරසිංහ මහතා ඇතුලු මාණ්ඩලික නිලධාරින්, කාර්යාල හා ක්ෂේත්‍රගත නිලධාරින් මෙන්ම සම්මාන ලාභි නර්තන ශිල්පි නිශාන්ත රම්පිටිය කලාකරුවානන් ප්‍රමුඛ කලායතනයන්හී කලාකරුවන් රැසක්ද සහභාගි විය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *