27 April 2024
#දේශීය

2024 විසර්ජන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය සටහන් කරයි

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට අද (13) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය.

එසේම පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කළ එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ මුදල් පනත් කෙටුම්පත්වලට ද කථානායකවරයා සිය සහතිකය සටහන් කර තිබේ.

ඒ අනුව 2023 අංක 32 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත, 2023 අංක 33 දරන මුදල් පනත සහ 2023 අංක 34 දරන විසර්ජන පනත ලෙස මෙම පනත් කෙටුම්පත් බලාත්මක වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *