• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාත්‍යන්තර සිංහ සමාජයෙන් මෙරටට අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාගයක්

10 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ජාත්‍යන්තර සිංහ සමාජයේ ඉන්දියානු සේවා භාරය විසින් (Lions of India Service trust) අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කිරිම අද දින (10) සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ දී සිදු කෙරිනි.

මෙම ඖෂධ තොගයේ වටිනාකම රුපියල් කෝටි 2 ½ ක් පමණ වන අතර, Omeprazole & Domperidone Capsules lp, Amoxyollin & Potassium Clavulanate Tablets lp, Bisacodyl Gastro – Resistant Tablets lp, Ceftriaxone Injection lp ඇතුලු ඖෂධ වර්ග රැසක් මෙම පරිත්‍යාගයට ඇතුලත්ව ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙම ඖෂධ තොගය ලබාගැනීම සදහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැළසුම්) එස්. ශ්‍රීධරන් මහතා විසින් ඉල්ලිමක් කර තිබූ අතර, ඒ අනුව ජාත්‍යන්තර සිංහ සමාජයේ තෙවන උපසභාපති වශයෙන් කටයුතු කරනු ලබන ඒ.පී සිංග් (Mr. A.P Sing) මහතාගේ සම්බන්ධීකරණය යටතේ මෙම ඖෂධ තොගය ඉතා කෙටි කාලයක් තුල මෙරටට ලබාගැනීමට හැකියාව ලැබුනි.

මෙරට රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා ඉදිරියටත් මෙවැනි පරිත්‍යාගයන් සිදු කිරීමට කටයුතු කරන බව මෙම අවස්ථාවට එක්ව සිටි ජාත්‍යන්තර සිංහ සමාජයේ නියෝජිතයින් ප්‍රකාශ කළ අතර, මෙවැනි පරිත්‍යාගයක් ඉතා කෙටි කාලයක් ඇතුලත සිදු කිරිම සම්බන්ධයෙන් සිය ස්තූතිය ජාත්‍යන්තර සිංහ සමාජය වෙත පළ කරන බව සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා මෙහිදී පැවැසිය.

දිවයින පුරා පිහිටි රෝහල් සදහා අවශ්‍යතාවය අනුව කඩිනමින් මෙම ඖෂධ බෙදාහැරිමට කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෛද්‍ය සැපයීම් අංශයේ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.

මෙම පරිත්‍යාගය ලබාදීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැළසුම්) එස්. ශ්‍රීධරන්, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩී.ආර්.කේ හේරත්, ජාත්‍යන්තර සිංහ සමාජයේ මෙරට 2007-2008 සභාපති මහේන්ද්‍ර අමරසූරිය, පෙර බහු මණ්ඩල සභාපති ජෙයරාජන් යන මහත්වරුන් එක්ව සිටියහ.

Post Views: 3
Previous Post

ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගාසිටුවීමේ මාවතක් ලෙස ආදායම් උත්පාදනය පිළිබඳ සංවාදයක් මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි

Next Post

අර්ජුන රණතුංගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව පත් වේ

editor

editor

Next Post

අර්ජුන රණතුංගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව පත් වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025

Recent News

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved