• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිරි වසර 05 තුළ පොළොන්නරුවට කර්මාන්ත පුනරුදයක් – ඇමැති විමල් කියයි

11 November 2020
in ව්‍යාපාර

ඉදිරි පස් වසර තුළ දිවයින පුරා කර්මාන්තපුර 15ක් ඇරැඹීමට නියමිත බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති ‘ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන’ යටතේ පිහිටුවා ඇති ‘පොළොන්නරුව දිස්ත්‍රික් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුවට’ සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන ලබා ගෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල වැලිකන්ද ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන කර්මාන්තශාලා සඳහා ප්‍රමුඛතාවය දෙමින් නව කර්මාන්ත පුරයක් ඉදිකරන බවයි.

මෙම නව කර්මාන්තපුරය ඉදිකෙරෙන්නේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලබන ලක්ෂ උයන කර්මාන්තපුරයට අමතරව ය. මෙම කර්මාන්ත පුර මගින් කර්මාන්තකරුවන්ට සහන රැසක් ලැබෙන බවත් ප්‍රදේශයේ රැකියා විරහිත පිරිස්වලට රැකියා අවස්ථා ලැබෙන බවත් විමල් වීරවංශ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයේ නියැලී සිටින කර්මාන්තකරුවන්ගේ ගැටළු රැසකට මෙහිදී පිළියම් යෙදීමට ද ඒ මහතා කටයුතු කළේය.

මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරු වන දයාසිරි ජයසේකර, ප්‍රසන්න රණවීර, කනක හේරත්, රොෂාන් රණසිංහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්. ඒ. ධර්මසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

 

Post Views: 8
Previous Post

භුමදාන ගැන අලි සබ්‍රි යෝජනා කලට අවසර දුන්නේ නෑ -කැබිනට් ප්‍රකාශක කෙහෙලිය

Next Post

පොලිස් සමාජයේ කොරෝනා නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

editor

editor

Next Post

පොලිස් සමාජයේ කොරෝනා නෑ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved