• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපයෙන් දේශපාලනය ඉගෙන ගත්ත අයට අනුරාධපුරෙන් ආරාධනාවක්

21 April 2024
in දේශීය, පුවත්
එජාපයෙන් දේශපාලනය ඉගෙන ගත්ත අයට අනුරාධපුරෙන් ආරාධනාවක්

එක්සත් ජාතික පක්ෂයෙන් “අ “ යන්න ඉගෙන ගත්ත අය වෙනස් වෙලා ඉන්නවා නම් විවිධ මත වල ඉන්නවා නම්, ඒ උදවිය එකට එකතු වෙනවා නම් අපි කැමතියි යැයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, විපක්ෂ නායකවරුන් සංගමයක් පිහිටුවමින් මාධ්‍ය හමුවක් කැඳවමින් පවසයි.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු පළාත් පාලන නියෝජිතයින් 10 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූහ.ඔවුන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, විපක්ෂ නායකවරුන් ලෙස කටයුතු කළ අතර, පසුගිය කාළයේ ඔවුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමඟි ජන බලවේගය වෙනුවෙන් දේශපාලන කටයුතු වල නිතර වූ අතර, ඔවුන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, විපක්ෂ නායකවරුන් සංගමයක් මෙලෙස පිහිටුවා ගනු ලැබීය.මේ සඳහා තවත් පිරිසක් සහභාගී වීමට නියමිත බවද ඔවුන් එහිදී පැවසීය.

පදවිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එම්.ඒ ශාන්ත මහතා එම මාධ්‍ය හමුව අමතමින් මෙසේ අදහස් පල කලේය ” අද දවසේ අපි ‌මේ ස්ථානයට රැස්වෙලා ඉන්‌නේ, එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලන “අ “ යන්න කියවපු හිටපු සභාපතිවරු සියලු දෙනාම නියෝජනය කරන සභාපතිවරුන්ගේ සංගමයක් පිහිටුවන්න, අපි 1987 සිට මේ දක්වා දේශපාලන කටයුතු වල නියැලෙමින්, සභාපති, උපසභාපති, විපක්ෂ නායක, මන්ත්‍රී ධූරයන් නියෝජනය කළ ප්‍රධානීන් හැටියට අපි තීන්දු කර ගත්තා අපිට එදත් ජන පදනමක් තිබුණා, අදත් ජන පදනමක් තියෙනවා, ඒ ජන පදනමක් තියෙන කණ්ඩායමක් හැටියට, සභාපතිවරු, සභාපතිවරු එකතු වෙලා සාමූහිකව අපේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන කොට හොඳ එකමුතුවකින්, එක පවුලක් හැටියට නැගී සිටින්න, ඒ් කාරණාව වෙනුවෙන් තමයි අද දවසේ අපි එකතු වෙන්නේ, අපි ඉදිරියේදී ගන්නා විවිධ තීන්දු තීරණ ක්‍රියාමාර්ග සියල්ලට පක්ෂ භේදයක් නැතිව අපි සියලු දෙනා ඒකාබද්ධව, එකමුතුව, එක මිටට මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල හිටපු සභාපතිවරු සියලු දෙනා එකතු කර ගෙන ගමනක් යනවා. අපිට විවිධ දේශපාලන මතිමතාන්තර තියෙනවා, අපි දේශපාලන “අ “ යන්න ඉගෙන ගත්තේ එක්සත් ජාතික පක්ෂයෙන්, අපි අද ජනාධිපතිවරණයකට හෝ කිසිම මැතිවරණයකදී කාටද වැඩ කරන්නේ කියලා තීන්දුවක් අරගෙන නෑ ,අපි සියලු දෙනා එකතු වෙලා සාමූහිකව ගන්න තීන්දු විතරයි ක්‍රියාත්මක කරන්නේ, අපි අවස්ථානූකූලව, අවශ්‍යය කටයුතු කරනවා.අපි බෙදිලා නෑ, අපි බෙදෙන්නෙත් නෑ, අපිව බෙදන්නත් බෑ, අපි කැමතියි පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මනින් පවත්වනවා නම්, අපි ඒ සඳහා ඉදිරිපත් වෙන්න සූදානම්, නමුත් අපිට ‌මේ වෙලාවේ පෙන්න තියෙන දේ තමයි ජනාධිපතිවරණයක් බොහෝ වෙලාවට එයි කියන එක, අපිට හැකි පළමු අවස්ථාවේම පළාත් පාලන මැතිවරණය ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා, අපි ඉදිරිපත් වන පක්ෂ සම්බන්ධයෙන් අපි එවිට තීන්දුව ගන්නවා. මේ වන විට පළාත් පාලන අයතන කිසිවක මහජන නියෝජනයක් නෑ, නිළධාරී පාලනයක් තියෙන්නේ, ඔවුන්ට මහජනතාවගේ දුක දැනෙනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා.ඒ නිසයි අපි කියන්නේ ඉතා ඉක්මනින් ඒ් මැතිවරණය තියන්න කියලා. අපි ජනාධිපතිවරණයේදී කාටද සහය දක්වන්නේ කියලා හදිසි තීන්දුවක් අරගෙන මාධ්‍යයට ප්‍රකාශ කරන්න කළබල වෙන්නේ නෑ, අවසාන මොහොතේ දේශපාලන තීන්දු තීරණ ජනතාව පුදුමාකාර විදිහට ගන්නේ, මේකේ රැළි වෙනස් වෙන්න පුලුවන්,මීට මාස 04 /05 කට තිබුණ තත්වය නෙමෙයි දැන් ගමේ තියෙන්නේ, ජනතාව කොතනද ඉන්නේ කියලා අද කථා කළාට, හෙට ජනතාව වෙනස් වෙනවා යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජේ. තිලකරත්න මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසත්, එම මැතිවරණය කවදා කොහොම පැවැත්වූවත් තමන් ජයග්‍රහණය කරන බවද , ජනාධිපතිවරණයකදී ජනතා විමුක්ති පෙරමුණට කිසිසේතම තම සංගමයේ සහය ලබා නොදෙන බවයි.

තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති සරත් දිසානායක මහතාද එහිදී අදහස් දැක්වීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 7,831
Previous Post

දයාසිරිගේ මානුෂිය ජනතා සන්ධානයේ ගාලු දිසා සමුළුව හෙට

Next Post

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සිටි ජවිපෙ ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට පොරොන්දු වීම විහිළුවක් – ඇමැති ප්‍රසන්න

editor ttvnews

editor ttvnews

Next Post
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සිටි ජවිපෙ ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට පොරොන්දු වීම විහිළුවක් - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved