රජයේ තෙල් සංස්ථාව විසින් දේශීය ඉන්ධන බෙදාහරින්නන් වෙත ලබාදෙන 3%ක ලාභාංශය කප්පාදු කිරීමට ගෙන ඇති තීරණය අත්තනෝමතික ක්‍රියාවක් බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසයි. පවතින මිල සූත්‍රය උල්ලංඝනය කරමින් ගෙන ඇති මෙම පියවර හරහා දේශීය පිරවුම්හල් හිමියන් දැඩි මූල්‍ය අර්බුදයකට ඇද දමන බව ඔහු පෙන්වා දෙයි. මෙය දේශීය බෙදාහරින්නන් කඩාකප්පල් කර, එම පිරවුම්හල් විදේශීය සමාගම් වෙත පවරා දීමේ සූදානමක් දැයි සැකයක් පවතින බව ද ඔහු වැඩිදුරටත් චෝදනා කරයි.














