ශ්‍රී ලංකා ජාතික ගීයේ නිර්මාතෘ සහ අසමසම කලාකරුවෙකු වූ අභාවප්‍රාප්ත ආනන්ද සමරකෝන් මහතාගේ ගුණානුස්මරණ මහෝත්සවය සංවිධානය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා තිබේ.මෙම ගුණානුස්මරණ මහෝත්සවය ලබන නොවැම්බර් 21 වැනිදා පෙරවරු 10.00ට බත්තරමුල්ල “අපේ ගම” පරිශ්‍රයේ පිහිටි ආනන්ද සමරකෝන් මහතාගේ පිළිරුව අභියසදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කර ඇත. ජාතික කලාකරුවෙකු වෙනුවෙන් සංවිධානය කෙරෙන මෙම උපහාර වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අමාත්‍යාංශයෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
















