මුහුදු තීරයේදී විදේශ නෞකාවලට අවි ආයුධ සහ ආරක්ෂාව සැපයීම සිදු කළ සමාගම නාවික හමුදාව යටතට පත් කිරීමත් සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 3කට ආසන්න ආදායමක් රටට උපයා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.හෝමාගම පැවති “අධිෂාඨානශීලී හෝමාගම” නමැති හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර, ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.














