වාහන ආනයනය නතර කිරීමට රජය කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළේය. වාහන ආනයනය සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක ඔහු මේ බව අවධාරණය කළේය.
රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉන්ධන මිල වෙනස් කිරීම සම්බන්ධයෙන් දැනට කිසිදු අතිරේක තීරණයක් ගෙන නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, සෙස් (Cess) සහ පැල් (PAL) බදු ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් දේශීය කර්මාන්තකරුවන් බරපතල ගැටලුවලට මුහුණ දී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාවේදී පෙන්වා දුන්නේය.
මේ අතර, පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු නිසි පරිදි සැලසුම් කිරීම සඳහා වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද දින කතානායකවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.
















