ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන 114 වැනි ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී (International Labour Conference) කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (10) විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය. මෙහිදී අමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර සමුළුව හමුවේ ශ්‍රී ලංකාවේ දේශය පිළිබඳ ප්‍රකාශය (Country Statement) නිල වශයෙන් ඉදිරිපත් කිරීමට පියවර ගනු ඇත.
ඉන්දීය කම්කරු අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා
අද දින දේශනයෙන් අනතුරුව, අමාත්‍ය අනිල් ජයන්ත මහතා අද පස්වරුවේ ඉන්දීය කම්කරු හා රැකියා අමාත්‍යවරයා සමඟ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වීමට ද කටයුතු සූදානම් කර තිබේ.
ජිනීවා සංචාරයේ මෙතෙක් තොරතුරු
අමාත්‍යවරයා සිය සංචාරයේ පළමු රාජකාරි දිනය වූ පසුගිය සඳුදා ‘Palais des Nations’ හි පැවැති මහා සභා රැස්වීමට සහභාගි වූ අතර, එදිනම පස්වරුවේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අධ්යක්ෂ ජනරාල්වරයා සමඟ විශේෂ සුහද හමුවක නිරත විය. අනතුරුව ඊයේ (9) දිනයේදී ASPAG කලාපයීය කම්කරු අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගි වූ ඒ මහතා, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා සංවිධානය කළ විශේෂ දිවා භෝජන සංග්‍රහයකට ද එක්විය.
සියලු නිල කටයුතු නිම කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා හෙට (11) පෙරවරුවේ ජිනීවා නුවරින් පිටත්ව යළි දිවයින බලා පැමිණීමට නියමිතය.
















