2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුකූලව 2027 වර්ෂය සඳහා වන මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය අනිල් ජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙහිදී අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ රජයේ විචක්ෂණශීලී මූල්‍ය ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය හේතුවෙන් ආර්ථිකය ශක්තිමත් මට්ටමකට පැමිණ ඇති බවයි.
රජයේ විචක්ෂණශීලී මූල්‍ය ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස 2025 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.4%ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කිරීමට රජය සමත් වූ අතර, එය ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගයයි. එසේම 2026 වර්ෂයේ පළමු කාර්තුව තුළ 5.1%ක සාධනීය ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමටත්, මැයි මාසය වන විට උද්ධමනය 0.5%ක මට්ටමකට පාලනය කර ගැනීමටත් රජයට හැකි විය
රටේ නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 2026 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ රුපියල් බිලියන 197.4ක අයවැය අතිරික්තයක් වාර්තා කර ඇත. රජයේ ඉදිරි මූල්‍ය ඉලක්කය වන්නේ 2032 වසර වන විට රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 95% දක්වා අඩු කරමින්, මූල්‍ය විනය සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම බව අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















