සතුන්ගේ සුබසාධනය, ආරක්ෂාව සහ ඔවුන්ගේ යහපැවැත්ම තහවුරු කිරීමේ අරමුණින් සකස් කර ඇති නව සත්ව සුබසාධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේදී සත්ව සුබසාධනය පිළිබඳ විශේෂඥ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන ඇති අතර, නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ඒ සඳහා දැනටමත් ලැබී ඇත. සත්ව හිංසනය වැළැක්වීම සහ සතුන් කෙරෙහි මානුෂීය සැලකීම නීතිගත කිරීම මෙමගින් අපේක්ෂිත ප්‍රධාන අරමුණ වේ.
















