• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ රැස්වීම් සම්බන්ධයෙන් කථානායකගෙන් නිවේදනයක්

5 July 2023
in දේශීය

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති තනතුර සඳහා විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයකු පත්වී සිටින බැවින් එකි රැස්වීමේ තොරතුරු විපක්ෂ නායකතුමා වෙත ලබා දීමට සභාපතිවරයා විසින් කටයුතු කළ යුතු බව කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ, 2023.06.29 වැනි දින පැවැත්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට විපක්ෂ නායකවරයා සහභාගි වූ බවත් එහි දී එතුමාට අදහස් දැක්වීමට ඉඩ ප්‍රස්ථාවක් ලබා නොදුන් බවත් විපක්ෂ නායකවරයා හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් 2023.06.30 වැනි දින පැවැත් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී සහ 2023.07.01 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේ දී තමා වෙත යොමු කරන ලද බවත්, ඒ පිළිබඳ තමාගෙන් තීරණයක් ඉල්ලා සිටින ලද බවත් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් පිළිබඳ තමන් විසින් අධ්‍යයනයක් කරන ලද බවත් ඒ අනුව, පාර්ලිමේන්තුවේ කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති, සභානායක හා විරුද්ධ පාර්ශ්වයේ නායක යන තනතුරු සඳහා පාර්ලිමේන්තු ව්‍යූහය තුළ සහ සභාගර්භය තුළ සුවිශේෂ වරප්‍රසාද හිමි වී තිබෙන බැවින් ද මෙම තනතුරු දරන ගරු මන්ත්‍රීවරුන්ට කාරක සභාවල කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පුළුල් අවකාශයක් සහ ඉඩකඩක් හිමිවන හෙයින් ද, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති තනතුර සඳහා ස්ථාවර නියෝග 121(1) ප්‍රකාරව විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයකු පත් වී සිටින බැවින් ද, මෙබඳු රැස්වීම්වලට විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා සහ හෝ ඉහත සඳහන් වගකිව යුතු තනතුරු දරන අය කැඳවීමට කටයුතු කිරීම යෝග්‍ය නොවන නිසා මෙකී රැස්වීමේ තොරතුරු විපක්ෂ නායකතුමා වෙත ලබා දීමට සභාපතිවරයා විසින් කටයුතු කළ යුතු බව කථානායකවරයා සභාවට අවධාරණය කළේය.

Post Views: 4
Previous Post

සී ෂෙල්ස් මහකොමසාරිස් හා ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර හමුවක්

Next Post

වන අලියෙකු පහරදී හිමිනමක් අපවත් වෙයි

editor

editor

Next Post

වන අලියෙකු පහරදී හිමිනමක් අපවත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved