• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චතුරගේ උත්සව ශාලාව ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

1 September 2018
in දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා වෙත ශාලාව ලබා දී ඇත්තේ පිටස්තර උත්සව සඳහා එය ලබා දෙන අවස්ථාවන්හි අය කරන සම්මත ගෙවීම් මත බවත් උත්සවයේ සැරසිලි, ආහාරපාන හෝ අන් කිසිදු කාර්යයකට සම්බන්ධයක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

එම කාර්යාලය මාධ්‍ය වෙත නිවේදයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ මංගල්‍ය උත්සවය සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු සමාජගත වෙමින් පවතින බව තම කාර්යාලයේ අවධානයට ලක්ව ඇති බවයි.

එම නිකුත් කළ නිවේදනයේ කොටසක් පහත පරිදි වේ.

සේනාරත්න මහතාගේ මංගල උත්සවය පැවැත්වූයේ අග්‍රාමාත්‍ය නිල නිවෙස වන අරලියගහ මන්දිරයේ දී නොවේ. අරලියගහ මන්දිර පරිශ්‍රයේ තවත් ගොඩනැගිලි ගණනාවකි. කාර්යාලයීය සංකීර්ණය හා උත්සව ශාලාව ද ඒ අතර වෙයි.

මෙම උත්සව ශාලාව සම්මත ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය හා වෙනත් උත්සව අවස්ථා සඳහා ලබාදීම පිළිගත් ක්‍රමවේදයයි. ශාලාව වෙන් කිරීම සඳහා ලැබෙන ඉල්ලීම් අනුව සුදුසු උත්සව සඳහා ශාලාව ලබා දීමට කටයුතු කරනු ලැබේ.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සිය විවාහ මංගල්‍යය පැවැත්වීම සඳහා උත්සව ශාලාව ලබා දිය හැකිදැයි විමසා ඉල්ලීමක් කළේය. ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් කළ ඉල්ලීමක් නිසාත්, ඒ සඳහා ගරු මන්ත්‍රීතුමන් දක්වා තිබූ හේතු යුක්ති යුක්ත නිසාත්, සම්මත ක්‍රමවේදයන් මත ශාලාව ලබා දීමට අග්‍රාමාත්‍ය කාර්යාලය කටයුතු කළේය.

ඇතැමුන් අර්ථ දක්වන පරිදි මෙය, නොමිලයේ ලබා දීමක් හෝ ජනතා මුදල් අවභාවිත කිරීමක් හෝ නොවේ. සේනාරත්න මහතා වෙත ශාලාව ලබා දී ඇත්තේ පිටස්තර උත්සව සඳහා එය ලබා දෙන අවස්ථාවන්හි අය කරන සම්මත ගෙවීම් මත ය. උත්සවයේ සැරසිලි, ආහාරපාන හෝ අන් කිසිදු කාර්යයකට මෙම කාර්යාලයේ සම්බන්ධයක් නොමැත.

Post Views: 14
Previous Post

බිම්ස්ටෙක් නව සභාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල  පත් වෙයි 

Next Post

බැසිල් එන්නේ නෑ ! ගෝඨා එන එක කියන්න බෑ ! – මහින්ද කියයි

editor

editor

Next Post

බැසිල් එන්නේ නෑ ! ගෝඨා එන එක කියන්න බෑ ! - මහින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved