27 April 2024
#දේශීය

පැයක් පොළව යට සිට ‍ලෝක වාර්තා තැබු මාතලේ තරුණයාගෙන් තවත් අභි‍යෝගයක්

අඩි හයක ගැඹුර පොළවේ වලක් යට වාඩි වි ලැලි දමා සම්පුර්ණයෙන් පස් සමා එයට උඩින් ගින්දර දමා පැයක් පමණ වල තුළසිට ‍ලෝක වාර්තාවක් තැබු මාතලේ මොහමඩ් මුසාදික් තරුණයා පැයකට වැඩි කාලයක් සිටිය යුතු යැයි කිසිවකු අභියෝග කරන්නේ නම් එය බාර ගැනිමට සුදානම් බව ඊයේ(23)දා මාතලේ දි මාධ්‍ය හමුවකදි පැවසිය.

මාතලේ තානායමේ පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තරුණයා කියා සිටියේ ඉකුත්දා මෙම වාර්තාව තැබු බවත් ඊට පසු ඇතැම් අය අභියෝග සිදු කළ බවත් තමන් මෙය අධ්‍යාත්මිකව සිදු කළ දෙයක් බවත් මෙම ක්‍රියාව පැය 24ක් පමණ වුවත් සිටිය හැකි බවත් ඒ සදහා පුහුණුවිම් සිදු කර ඇති බවත් ලෝක වාර්තාවෙන් පසු ලෝකයේ රටවල් රැසක් තමන්ට මේ ක්‍රියාව අගයකරමින් කතා කරන බවත් නමුත් ලාංකිය ජනතාව ලෙස ශ්‍රි ලාංකිය නම ලෝකය ඉදිරියේ බබලවන්නට කටයුතු කරන බවද පැවසිය.මේ සදහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඒ සදහා රජයෙන් සහය අපේක්ෂා කරන බවද හෙතෙම පැවසිය.ඉන්දියාව ඇතුලු රටවල් 27ක නියෝජනයක් විසින් මෙම වාර්තාව තැබිමට ක්‍රියා කළ බවත් මේ සදහා සහය දැක්වු සියලු දෙනාට කෘතවේදිත්වය පිරිනමන බවද හෙතෙම පැවසිය.

මෙහිදි අදහස් දැක්වු මාතලේ ක්‍රිඩා නිලධාරි ප්‍රසන්න අලුවිහාරේ මහතා කියා සිටියේ තම කොට්ඨාශයේ මෙවැනි දිරිමත් ක්‍රිඩකයින් සිටිම පිළිබදව සතුටු වන බවත් මුසාදික් ක්‍රිඩකයාට ඕනැම අභියෝගයක් බාර ගන්නා බවත් මෙම ක්‍රියාව ඉදිරියේදි ග්‍රිනිස් වාර්තා පොතට ඇතුළත් කිරිමට අවශ්‍ය කටයුතු කරන බවද පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *