27 April 2024
#දේශීය

භික්ෂුවට නොගැලපෙන විනය විරෝධී කටයුතු කරන්නන් ශාසනයෙන් නෙරපා හැරිය යුතුයි

භික්ෂුන් වහනසේ ලෙස පෙනි සිටිමින් භික්ෂුවට නොගැලපෙන විනය විරෝධී කටයුතු සිදු කරන්නට නිකායෙන් නෙරපා හැරිමට කතිකාකළ යුතු බව ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ සාසානරතන හිමියෝ පවසති.

උන්වහන්සේ අද (21) ශාසනික නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ භික්ෂුන් වහනසේ ලෙස පෙනි සිටිමින් භික්ෂුවට නොගැලපෙන විනය විරෝධී කටයුතු සිදු කරන මහජනයාගේ ශ්‍රද්ධාව,ගෞරවය නැතිවන ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලාවල ඇතුලු විවිධ මාධ්‍ය මගින් මේ දිනවල සුලභ ලෙස පෙනි සිටින බවත් ලාභපෙක්ෂාව අරමුණු කරගෙන හෝ දුර්වල මානසික ස්වාභාවයන් නිසා එම පුද්ගලයින් හෝ කණ්ඩායම් සම්බුද්ධ ශාසනයට ද භික්ෂු ගෞරවයටද සිදු කරන හානියක් බවත් එවැනි පුද්ගලයින් ස්වකිය නිකාය තුළ සිටිනම් නිකායෙන් නෙරපා හැරිමට කතිකාකළ යුතු බවයි.

අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියන්ගේ උපදෙස් පරිදි එම නිකායේ සියලුම නායකහිමි පාණනන් වහන්සේලාගේ විශේෂ අවධානය යොමු කරමින් මහා ලේඛකාධිකාරි හිමියන්ගේ අත්සනින් යුතු ව නිකුත් කර ඇති නිවේදනයෙහි මෙසේද සදහන් වේ.

 

මේ දුර්විනිත අධර්මාවදි අවිනයවාදි භික්ෂු වේශධාරින් වෙනුවෙන් මේ අවස්ථාවේදි අපට කළ හැක්කේ අප නිකාය තුළ එබදු අය ලියාපදිචි වි ඇත්නම් නිකාය කතිකානුකුලව අවශ්‍ය පියවර ගෙන ඔවුන්ගේ සාමණේර,උපසම්පදා ලියාපදිිංචියක්,බෞද්ධ කටයුතු දෙපාර්තමෙන්තුවේ ඇත්නම් එය අවලංගු කොට නිකායෙන් නෙරපා හැරිමය,ශාසන පරිහානියේ උපයුක්ක එබදු භික්ෂු වේශධාරින් නිකායෙන් නෙරපා හැරිම පිළිබදව පුර්වාදර්ශයන් ද නිකායේ ඈත මෑත ඉතිහාසයෙහි තිබේ.

ශාසන සංශෝධනයක ඉක්මන් අවශ්‍යතාවය පැන නැගි ඇති මේ මොහතේ ඔබ වහන්සේගේ සංඝ සභා බල ප්‍රදේශය තුළ එවැනි පුද්ගලයින් සහ කණ්ඩායම් සිටි නම් ඒ පිළිබදව විස්තර සහිතව නිකායේ අදාළ අංශ දැනුවත් කරන ලෙසත් එබදු ශාසන විලෝපනයෙහි යෙදෙන්නන් අප නිකාය නමින් ලියාපදිංචි වි ඇත්නම් ඒ සියල්ලන් නිකායෙන් නෙරපිමාදි කතිකානුකුල පියවර ගැනිමට නිකාය මගින් කටයුතු යොදනු ඇති බව සදහන් කරන බවද දැනුම් දෙන බවද නිවේදයෙහි අවසානයේ දක්වා තිබේ.

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *