27 April 2024
#විදෙස්

ලොව වැඩීම කොරෝනා රෝගීන් වාර්තා වු රට වීම ගෞරවයක් – අමෙරිකානු ජනපති

ලෝකයේ මේ වන විට පවතින කොරෝනා වසංගතය තත්ත්වය හමුවේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තාවීම තම රටට ගෞරවයක් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මේ වන විට අමෙරිකාවෙන් කොරෝනා රෝගීන් 1,593,039 ක් වාර්තා වු අතර එම නිසා සිදු වු මරණ සංඛ්‍යාව 94,941 ක් බවයි.

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වාර්තා වලට අනුව ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව සඳහන් වේ. ්‍

මෙම වසංගත තත්ත්වය හමුවේ අමෙරිකානු ජනපති ට්‍රම්ප් සිය පළමු කැබිනට් රැස්වීම පසුගිය සදුදා පළමුවරට පැවැත්වූ අතර මෙසේ රෝගීන් වැඩිවීම අයහපත් දෙයක් නොවන බවත් එය ගෞරවයක් බවත් එහිදී ඇමෙරිකා ජනාධිපතිවරයා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ එහිදී ඔහු වැඩිදුරටත් කියාසිටියේ එමඟින් පිළිබිඹු වන්නේ ඇමෙරිකාවේ පරීක්ෂණවාර්තා ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත වන බවයි.

 

දිලිනි සමන්මලි 

 

මුලාශ්‍ර –  https://www.bbc.com/news/world-us-canada-52733220

 

President Donald Trump has argued it is “a badge of honour” that the US has the world’s highest number of confirmed Covid-19 infections.

“I look at that as, in a certain respect, as being a good thing because it means our testing is much better,” he said at the White House.

Leave a comment

Your email address will not be published. Required fields are marked *