විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළින් ජනන වියදම අවම කර පාරිභෝගිකයාට සහන සැලසීමේ විධිමත් වැඩපිළිවෙලක් රජය සතු බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීම සහ ජල විදුලි නිෂ්පාදනය වඩාත් කාර්යක්ෂම කිරීම හරහා ඉදිරියේදී විදුලිබිල අඩු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඔහු මේ බව කියා සිටියේ විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල යටතේ ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාම තෝරාගත් සේවකයන් වෙනුවෙන් මූල්‍ය වන්දි ලබාදීම සඳහා දෙහිවලදී පැවැති විශේෂ උත්සවයකට එක්වෙමිනි.
ප්‍රතිව්‍යුහගතකරණය මඟින් ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නංවා පාරිභෝගිකයාට උසස් සේවාවක් සැපයීම රජයේ ප්‍රධාන අරමුණ බවත්, එහිදී සේවකයින්ට ලබාදුන් පොරොන්දු ද ඒ අයුරින්ම ඉටු කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 1898 දෙනෙකු වෙනුවෙන් මූල්‍ය වන්දි ලබාදීම ඊයේ (15) සිදු කෙරුණු අතර මෙම අවස්ථාවට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රැසක් සහභාගී වූහ. නව ආයතනික ව්‍යුහය හරහා රටේ ජනතාවට වඩාත් සහනදායී බලශක්ති සේවාවක් ලබාදීම රජයේ ඉදිරි ඉලක්කය වී තිබේ.














