හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක ප්‍රදේශයේදී ඊයේ (15) උදෑසන සිදුවූ දරුණු රිය අනතුරකින් 31 හැවිරිදි තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක්, අසල පිහිටි ඉන්ධන හලකින් ඉන්ධන ලබාගෙන නැවත ප්‍රධාන මාර්ගයට පිවිසීමට උත්සාහ කළ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මොරගහහේන පොලිසිය වාර්තා කරයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු වහාම වෑතර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මොරගහහේන පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














