ජපානයේ දෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන Honda සමාගම, 1957 වසරෙන් පසු සිය ප්‍රථම මෙහෙයුම් පාඩුව වාර්තා කර තිබේ. විද්‍යුත් මෝටර් රථ සඳහා පැවති ඉල්ලුම පහත වැටීම සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇති වූ දේශපාලනික හා ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්කම් මෙම පසුබෑමට ප්‍රධාන හේතුව වී ඇත. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ විද්‍යුත් වාහන සඳහා ලබාදුන් බදු සහන කපා හැරීම Honda සමාගමේ ලාභදායීත්වයට දැඩි ලෙස බලපා ඇති අතර සමාගම දැන් නැවතත් දෙමුහුන් (Hybrid) වාහන කෙරෙහි අවධානය යොමු කිරීමට පියවර ගෙන තිබේ.














