අනුර කරුණාතිලක මහතා බලශක්ති අමාත්‍ය ධුරයට අමතරව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ද කටයුතු කිරීමට නියමිතය. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය නිසා ගෝලීය බලශක්ති සැපයුමට බලපෑම් එල්ල වෙමින් පවතින මෙවන් තීරණාත්මක කාලයක මෙම පත්වීම සිදුවීම විශේෂත්වයකි.
මෙම දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද සහභාගී වී සිටියේය. නව අමාත්‍යවරයා යටතේ මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය ඇති කිරීම සහ වරාය හා ගුවන් සේවා ක්ෂේත්‍රයන්හි නවීකරණ කටයුතු කඩිනම් කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ.
විශේෂයෙන්ම විකල්ප බලශක්ති ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමු කරමින් ජාතික බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට නව අමාත්‍යවරයාට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.














