ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මහනුවර මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදුටුවේය. එහිදී ජනාධිපතිවරයා මහා නාහිමියන්ගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.
උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස වෙත සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කිරීමට මහා නාහිමිපාණන් වහන්සේ මෙහිදී කටයුතු කළහ. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මීට පෙර අද උදෑසන ජනාධිපතිවරයා ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ පැවැති හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවයට ද සහභාගී විය.














