මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පවතින තත්ත්වය හමුවේ මෙරට ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 720 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඉන්ධන පිරිවැය රුපියල් 720ක් වුවද රජය දැනට ඩීසල් ලීටරයක් රුපියල් 392ක සහන මිලකට ලබාදෙන අතර ඒ සඳහා රුපියල් 100ක සෘජු සහනාධාරයක් රජය විසින් දරනු ලබයි. පෙබරවාරි මාසයේදී ඉන්ධන ආනයනයට වැය වූ ඩොලර් මිලියන 98ක මුදල මැයි මාසය වන විට ඩොලර් මිලියන 522 දක්වා හය ගුණයකින් පමණ ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබේ. භාණ්ඩාගාරයට බරක් වන ලෙස තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය පාඩු ලබන තත්ත්වයක පවත්වාගෙන යාමට ඉඩ දිය නොහැකි බැවින් ශක්තිමත් මූල්‍ය විනයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. රටින් පිටතට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය පාලනය කිරීම සඳහා ඉන්ධන පරිභෝජනය යම් මට්ටමකට සීමා කිරීමේ අවශ්‍යතාවයක් පවතී. විදුලි බිල ඉහළ දැමීමේදී පවා වැඩිම පිරිසකට බලපෑමක් නොවන පරිදි එය සියයට පහක පමණ සුළු පිරිසකට පමණක් සීමා කිරීමට රජය පියවර ගෙන ඇත.














