ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත ජන රැලි මාලාව වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින් දැවැන්ත සංවිධාන සහ ප්‍රචාරක කටයුතු ආරම්භ වී තිබේ. රජයේ ඉදිරි වැඩපිළිවෙළ සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම රැලි සංවිධානය කර ඇත.
මෙම ජන රැලි මාලාව ආරම්භ වන කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ජන රැලිය ලබන සැප්තැම්බර් 06 වන දින පස්වරු 3.30ට පැවැත්වීමට නියමිතය. ඒ වෙනුවෙන් මේ වන විට ප්‍රදේශයේ ස්ථාන රැසක ජනාධිපතිවරයාගේ රුව රැගත් දැවැන්ත ප්‍රචාරක පුවරු සහ බැනර් ප්‍රදර්ශනය කිරීමට පක්ෂ ක්‍රියාකාරීන් හා ආධාරකරුවන් කටයුතු කරමින් සිටිනු දැකගත හැකිය.














