ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහි නඩුව ජූනි 19 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (13) නියෝග කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිස අධිකරණය හමුවේ පෙනී සිටියහ. දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ විනිසුරුවරයා වැඩිදුර විභාගය සඳහා නඩුව කල් තැබීමට තීන්දු කළේය.
නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධිචෝදනා පත්‍රයට අනුව, 2014 දෙසැම්බර් 26 සහ 2015 ජනවාරි 26 අතර කාලසීමාව තුළ ගංවතුර ආධාර සපයන බව පවසමින් රුපියල් 6,146,110ක මුදලක් අනීතික ලෙස වැය කරමින් මෙම මූල්‍ය වංචාව සිදු කර ඇති බව සඳහන් වේ.














