27 April 2024
#දේශීය

ජනපති සටනට අනුර සුදානම් – ජවිපෙ

සුවහසක් ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන්න පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරණයට අනුර දිසානායක මහතා ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

අද (16) දින පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා පැවසුවේ පොදු එකඟතාවයක, පොදු වැඩපිළිවෙළක ක්‍රියාකාරිත්වය වෙනුවෙන් සහයෝගය ලබාදෙන ලෙස සියලු පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඒසේම මේ රටේ අර්බුදය ගොඩගැනීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතාට සහයෝගය ලබාදෙන්නේ නම්, ඒ අනිකුත් දේශපාලන පක්ෂ එක්ක පොදු එකඟතා වැඩපිළවෙළක් මත සහයෝගයෙන් රට ගොඩගන්න සූදානම් බව හෙතෙම පැවසිය.

ඒ සඳහා පොදු එකඟතාවයකට එන්න තවදුරටත් කාලය තිබෙන බවත් සර්වපාක්ෂික ආණ්ඩුවක සර්වපාක්ෂික කැබිනට් මණ්ඩලයකින් සමන්විතව අනුර දිසානායක මහතා යටතේ රට ගොඩනඟන්න සූදානම් බව විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *