ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අද (04) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට පැමිණ තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාට අයත් ඉඩම් සම්බන්ධයෙන් මීට පෙර අනුරාධ තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශයක් සිදුකර තිබුණි. එම ප්‍රකාශය පාදක කරගනිමින් අමාත්‍ය ලාල්කාන්ත මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම කැඳවීම සිදුකර ඇත. ඒ අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා රහස් පොලිසිය මගින් ඔහුට ලිඛිතව දැනුම් දී තිබූ අතර, ඒ අනුව ඔහු අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.














