ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SINDHUKESARI’ සබ්මැරීනය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් ඊයේ (03) උදෑසන කොළඹ වරායට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම සබ්මැරීනය නාවික සම්ප්‍රදායානුකූලව උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ‘INS SINDHUKESARI’ සබ්මැරීනය දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගී වීමට නියමිතව ඇත. එමෙන්ම ඔවුහු දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද සැලසුම් කර තිබේ.














