අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය රජයෙන් සැලකිය යුතු මූල්ය ආධාරයක් ලැබීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කර තිබේ.
ඉබ්බාගමුවේ පැවති ජන හමුවකදී ඊයේ (11) අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව වාර්තා කරයි.
මීට අදාළව, අනුරාධපුර පූජා නගරය සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 7.7ක මූලික ඇස්තමේන්තුගත පිරිවැයක් සහිත සැලැස්මක් පිළිබඳ සාකච්ඡාවක් ඔක්තෝබර් 1 වැනිදා පැවති බව ද වාර්තා වී තිබේ. එම සැලැස්මට ඉන්දීය රජයෙන් මූල්ය ආධාර ලබාදීමට අපේක්ෂා කරන අතර, සංවර්ධන කටයුතු පූජා නගරයේ ඓතිහාසික හා ආගමික වැදගත්කම ආරක්ෂා කරමින් සිදුකිරීමට නියමිතය.
එමෙන්ම, ශ්රී ලංකාවේ පොදු ප්රවාහන සේවය වැඩිදියුණු කිරීම සඳහා ජපානය බස් රථ ලබාදී ඇති බවත්, චීනය විදුලි බස් රථ 100ක් ලබාදීමට එකඟ වී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
ශ්රී ලංකාව ජාත්යන්තර ගැටුම්වලදී කිසිදු බල කඳවුරකට සම්බන්ධ නොවී සියලු රටවල් සමඟ සමබර හා ස්වාධීන විදේශ ප්රතිපත්තියක් පවත්වාගෙන යන බව ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
















