යතුරුපැදි පදවන්නන්ගේ සහ පසුපස ගමන්කරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, අනිවාර්ය SLS 517 සහතික ලාංඡනය නොමැති ආරක්ෂිත හිස්වැසුම් අලෙවි කරන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා විශේෂ වැටලීම් ක්රියාත්මක කර තිබේ.
අදාළ වාර්තාවට අනුව, මෙම මෙහෙයුම යටතේ දිස්ත්රික්ක 21ක වැටලීම් 84ක් සිදුකර ඇති අතර, SLS ලාංඡනය නොමැති හෙල්මට් 327කට අධික ප්රමාණයක් නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන ඇත.
විවිධ වෙළෙඳ නාම යටතේ අලෙවි කර තිබූ එවැනි හෙල්මට් දිස්ත්රික්ක කිහිපයකින් හඳුනාගෙන ඇති බව ද වාර්තා වේ. ඒ අනුව, සිල්ලර වෙළෙඳුන්ට අමතරව සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් දක්වා විමර්ශන පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.
ගම්පහ, මුලතිව් සහ මන්නාරම දිස්ත්රික්කවල SLS ලාංඡන අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ද කරුණු වාර්තා වී ඇති අතර, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
පාරිභෝගිකයන් හෙල්මට් මිලදී ගැනීමේදී අදාළ SLS 517 සහතික ලාංඡනය තිබේදැයි පරීක්ෂා කරන ලෙස දැනුම් දෙනු ලැබේ.
















