පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුරයේදී සංවිධානය කරනු ලබන ජන රැළියට සහභාගී වී ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ප්‍රදේශයේදී පැවැත්වෙන මෙම විශේෂ ජන රැළිය සඳහා තමා එක්වන බව මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ. උතුරු පළාතේ ජනතාව මුහුණපාන ගැටලු සහ වත්මන් දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා විපක්ෂයේ ඕනෑම වේදිකාවක් භාවිතා කිරීමට තමා පසුබට නොවන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.














