ආර්ජන්ටිනාවේදී සිදුවූ අතිශය කම්පන සහගත පුවතකට අනුව, පුහුණු ගුවන් ගමනක නිරතව සිටියදී පුහුණුකරු ලියනාද්‍රෝ බර්ටාසෝ ගුවන් යානයෙන් පැන දිවි හානි කරගෙන තිබේ. සිදුවීම සිදුවන අවස්ථාවේදී යානය තුළ ඔහු සමඟ සිටි 22 හැවිරිදි පුහුණු සිසුවිය, දැඩි භීතියට පත්ව සිටියද ඉමහත් වෘත්තීය දක්ෂතාවයකින් යුතුව ගුවන් යානය ආරක්ෂිතව ගොඩබෑමට සමත් වූවාය.
වාර්තා වන පරිදි, ගුවන් ගමන් අතරතුර බර්ටාසෝ හදිසියේම තම හෙඩ්සෙට් එක ගලවා දමා, සිය බඩු බාහිරාදිය එකතු කරගෙන, ආරක්ෂක පටිය ගලවා, ගුවන් ගතව තිබූ ද්විත්ව ආසන සහිත සෙස්නා ගුවන් යානයෙන් පිටතට පැන ඇත. පසුව ඔහුගේ දේහය ආසන්න කෙතකින් සොයාගෙන තිබේ. සැමවිටම සිනහමුසු මුහුණින් සිටි අයෙකු ලෙස ප්‍රසිද්ධව සිටි මෙම පුහුණුකරු මෙවැනි තීරණයක් ගත්තේ ඇයිද යන්න පිළිබඳව මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
















