විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරන්නේ, දෙරට අතර පවතින ගිවිසුමක් යටතේ ශ්‍රී ලාංකික ට්‍රක් රථ රියදුරන් 1000ක් කඩිනමින් බඳවා ගැනීමට ජපානය සූදානම් බවයි. මේ සඳහා අයදුම් කරන අයට අවශ්‍ය ප්‍රධානම සුදුසුකම වන්නේ ජපන් භාෂා ප්‍රවීණතාවය (JLPT N4 හෝ JFT විභාගය සමත්ව තිබීම) පමණක් බව අමාත්‍යවරයා පවසයි.
“අපිට හෙට වුණත් රියදුරන් 1000ක් ජපානයට යවන්න පුළුවන්. එකම දේ ජපන් භාෂාවෙන් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ සුදුසුකම් තියෙන අය ඉන්නවා නම් වහාම අයදුම් කරන්න” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















