මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ලබන ජූලි මස 15 වැනිදා සිට වී අලෙවි මණ්ඩලය හරහා කඩිනමින් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මේ සඳහා රජයේ භාණ්ඩාගාරයෙන් සෘජුවම රුපියල් බිලියන 6ක මුදලක් ලබා දී ඇති අතර, කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ණය පහසුකම් සැපයීම සඳහා රජයේ බැංකු මඟින් තවත් රුපියල් බิලියන 10ක් වෙන් කර ඇත. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පූර්ණ සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ.
















