රජය නියම කර ඇති උපරිම සිල්ලර මිල උල්ලංඝනය කරමින් සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ මාරවිල ප්‍රදේශයේ වෙළෙඳුන් පිරිසකට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ. ඊයේ (14) සිදුකළ විශේෂ වැටලීමකදී මෙම වෙළෙඳුන් පාරිභෝගිකයින්ගෙන් අසාධාරණ ලෙස වැඩි මුදල් අය කරමින් සහල් අලෙවි කරන බව අනාවරණය වී ඇත. පාරිභෝගිකයා සූරාකෑමට ලක්කළ මෙම සියලුම වෙළෙඳුන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණයේ නඩු පැවරීමට නියමිත බව වාර්තා වේ.














