අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි ලක්මාල් සඳරුවන් නොහොත් “පොඩි” නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අම්බලන්තොට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ලුණුගම්වෙහෙර සහ අම්බලන්තොට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 33 සහ 35 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
මෙම අතිශය කෲර ඝාතනයේදී සැකකරුවන් විසින් “පොඩි” නැමැත්තාට වෙඩි තබා, කපා කොටා ඝාතනය කර ඇති අතර පසුව ඔහුගේ හිස වෙන් කර ගෙන ගොස් අම්බලන්තොට මාර්ගයේ පිහිටි පිළිමයක එල්ලා තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අම්බලන්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














