යුරෝපා චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දෙවන අදියරේ තරග අවසානයේදී පෘතුගාලයේ ස්පෝටින් ලිස්බන් (Sporting CP) කණ්ඩායම සමඟ ගෝල රහිතව සම වෙමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එංගලන්තයේ ආර්සනල් (Arsenal) කණ්ඩායම අද (16) සමත් විය පළමු අදියරේදී ලබාගත් 1-0 ක ජයග්‍රහණය හේතුවෙන් ඔවුන් මෙලෙස ඉදිරියට පැමිණි අතර අවසන් පූර්ව වටයේදී ඔවුන්ට ස්පාඤ්ඤයේ ඇට්ලෙටිකෝ මැඩ්‍රිඩ් (Atlético Madrid) කණ්ඩායම සමඟ තරග කිරීමට සිදුවේ
මේ අතර ජර්මනියේ බයර්න් මියුනිච් (Bayern Munich) කණ්ඩායම සහ ස්පාඤ්ඤයේ රියල් මැඩ්‍රිඩ් (Real Madrid) කණ්ඩායම අතර පැවැති උණුසුම් තරගයකින් 4-3 ක ජයක් ලැබීමට බයර්න් කණ්ඩායම සමත් විය ලුයිස් ඩයස් සහ මයිකල් ඔලිසේ තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ රැස් කළ ගෝල ද්විත්වය බයර්න් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය ඒ අනුව සමස්ත ගෝල 6-4 ක් ලෙස රියල් මැඩ්‍රිඩ් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කරමින් අවසන් පූර්ව වටයට පිවිසි බයර්න් මියුනිච් කණ්ඩායම ලබන අප්‍රේල් 29 වනදා ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් (PSG) කණ්ඩායම සමඟ තරග කිරීමට නියමිතය














