ඇමෙරිකානු රජය විසින් ඉරාන වරායන් වෙත පනවා ඇති දැඩි නාවික අවහිරතා (Blockade) මධ්‍යයේ වුවද, ඇමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති දෙවන දැවැන්ත තෙල් නැව ද (Supertanker) හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පර්සියානු ගල්ෆ් කලාපයට ඇතුළු වී තිබේ ඉකුත් ඉරිදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම නාවික අවහිරතාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ ඉරානය සමඟ පැවැති සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීමෙන් පසුවය
නාවික දත්ත වාර්තා පෙන්වා දෙන්නේ බැරල් මිලියන 2 ක ධාරිතාවයකින් යුත් ‘RHN’ නම් දැවැන්ත තෙල් නැව ඊයේ (15) මෙලෙස ගල්ෆ් කලාපයට ඇතුළු වී ඇති බවයි මීට දිනකට පෙර ‘Alicia’ නම් තවත් සම්බාධක පැනවූ නෞකාවක් ද මෙම කලාපය පසුකර ගොස් තිබේ ඇමෙරිකානු මධ්‍යම බලකාය පවසන්නේ පසුගිය සඳුදා සිට මේ දක්වා නෞකා 10 ක් ආපසු හරවා යැවීමට තමන් සමත් වූ බව වුවද, සම්බාධක පැනවූ නෞකා මෙලෙස ඇතුළු වීම කලාපීය ආරක්ෂාව සහ ඇමෙරිකානු බලපෑම පිළිබඳව දැඩි කතාබහක් ඇති කර තිබේ ඉරානය සිය තෙල් අපනයනය පවත්වා ගැනීමට උත්සාහ කරන අතරතුර ඇමෙරිකාව ඉරාන තෙල් මිලදී ගන්නා පාර්ශවයන්ට එරෙහිව ද දැඩි සම්බාධක පනවන බවට අනතුරු අඟවා ඇත














