27 April 2024
#දේශීය

රටේ ආර්ථික තත්ත්වය වටහාගෙන අත්‍යවශ්‍ය බදවාගැනීම් පමණක් සිදු කළ යුුතුයි – මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ

මධ්‍යම පළාත් රාජ්‍ය ආයතනයන්හී පවතින කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (23) පැවැත්විය.

මෙහිදී පවතින වසංගත තත්ත්වය හමුවේ රට මුහුණ දී ඇති ආර්ථික තත්ත්වය වටහාගනිමින් පළාත් රාජ්‍ය යාන්ත්‍රණය සදහා අත්‍යවශ්‍ය වු බඳවාගැනීම් සදහා පමණක් බඳවාගැනීම් සිදුකිරීම සිදුකළ යුතුව පවතින බවත්, පවත්නා මානව සම්පත උපකාර කරගනිමින් උපරිම කාර්යක්ෂමතාවයකින් සේවා පවත්වාගැනිමේ අවශ්‍යතාවය ආණ්ඩුකාරවරයා විසින් පෙන්වා දීම සිදුවිය.

මෙම සාකච්ඡාව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න මහතා ඇතුළු පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහකාර ලේකම්වරිය ඇතුළු පිරසක් එක් ව සිටියේය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *