මෙරට වාර්ෂිකව වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාවෙන් 6%ක් පමණ ඇදුම රෝගය හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අංශ අනාවරණය කර සිටියි. ලෝක මට්ටමින් දිනකට ඇදුම රෝගීන් දහසකගේ පමණ ජීවිත අහිමි වන පසුබිමක, නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම මඟින් මෙම රෝගය පාලනය කර සුවපත් වීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුමන හඳගල මහතා අවධාරණය කරයි. ඉකුත් මැයි 5 වන දිනට යෙදී තිබූ ලෝක ඇදුම දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදී මෙම කරුණු අනාවරණය වූ අතර, රෝගී තත්ත්වයන් කල්තියා හඳුනාගෙන නිසි පියවර ගැනීම මඟින් මෙවැනි අකල් මරණ වළක්වා ගත හැකි බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.














