Miss Grand All Stars රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ටිෂානි පෙරේරා මෙනෙවිය අද (14) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තය බලා පිටත්ව ගියාය. ලෝකයේ මෙතෙක් පවත්වා ඇති Miss Grand, Miss Universe සහ Miss World වැනි ප්‍රධානතම රූ රැජින තරගාවලියන්හි ජයග්‍රාහිකාවන් පමණක් සහභාගී වන මෙම සුවිශේෂී තරගාවලියට ශ්‍රී ලාංකේය නියෝජනයක් එක්වීම විශේෂත්වයකි. ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලංකාවේ නාමය සනිටුහන් කිරීමේ අරමුණින් ඇය මෙලෙස සිය රූ කිරුළ සිහිනය ජය ගැනීමට තායිලන්තයට ළඟා වීමට නියමිතව ඇත.














