‘අස්වැසුම’ සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව අගෝස්තු මාසයේ දීමනාව හෙට (අගෝස්තු 19) දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන තිබෙන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
ඒ අනුව, පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,502ක් සඳහා රුපියල් මිලියන 9,242ක් සහ දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 212,955ක් සඳහා රුපියල් මිලියන 2,321ක් ලෙස අදාළ මුදල් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන අතර, ප්‍රතිලාභීන්ට තම දීමනා හෙට සිට අස්වැසුම බැංකු ගිණුම් හරහා ලබාගැනීමේ හැකියාව පවතී.














