වී අලෙවි මණ්ඩලය මඟින් මේ දක්වා වී මෙට්‍රික් ටොන් 33,666ක් මිලදී ගෙන ඇතැයි එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි.
ඉකුත් ජූනි මස 13 වැනිදා සිට ඇරඹූ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ අඛණ්ඩව වී මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින වී අලෙවි මණ්ඩලය, මේ වන විට වැඩිම අස්වනු තොගයක් මිලදී ගෙන ඇත්තේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින් වන අතර, බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙළීම අවසන් කර ඇත. පොළොන්නරුව, අනුරාධපුරය, කුරුණෑගල සහ පුත්තලම යන ප්‍රදේශවල වී අස්වනු නෙළීම ආරම්භ කර ඇති බැවින්, එම දිස්ත්‍රික්කවලට අදාළව වී ගබඩා විවෘත කිරීමට මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව වී මිලදී ගැනීම සඳහා ගබඩා 120කට ආසන්න ප්‍රමාණයක් සක්‍රියව පවත්වාගෙන යන බව ද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














