අස්වැසුම වැඩසටහනට ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වත්මන් නිර්ණායක සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වී තිබේ.
ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම නව ක්‍රමවේදය සහ ඉදිරි පියවරයන් පිළිබඳව සාකච්ඡා කර ඇත.













