අතුරුගිරිය – කොට්ටාව මාර්ගයේ පරණ හන්දිය ප්‍රදේශයේදී සිදු වූ දරුණු යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද අලුයම 2.00 ට පමණ තවත් යතුරුපැදිකරුවන් පිරිසක් සමඟ කොට්ටාව දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වෙමින් තිබූ මෙම යතුරුපැදිය අධික වේගය හේතුවෙන් පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස් තාප්පයක ගැටී ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පරිගණක විද්‍යාව හදාරමින් සිටි 20 හැවිරිදි තරුණයෙකු සහ හෝමගම ප්‍රදේශයේ ගරාජයක සේවය කළ තරුණයෙකි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයන් දෙදෙනා හෝමගම මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.














