• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

යුධහමුදාපති වැඩට බසි

5 July 2018
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටක් ලෙස ලෝකය ජයගැනීමට තිබෙන ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජය ගැනීමට තමා සතු දැනුම හා පරිපාලනමය ශක්තිය යොදන බව යුද්ධ හමුදාපති ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

යුධ හමුදාපතිවරයා ඊයේ (04) දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී මේ බව පැවසුවේ ජාතික තේරීම් කමිටුවේ සභාපති ලෙස පත්වීමෙන් පසු ජාතික ක්‍රීඩා සංගම්වල නිළධාරීන් හමුවූ ප්‍රථම අවස්ථාවදිය.

එහිදී ඉදිරියේදී ඉන්දුනීසියාවේ ජකර්තා නුවර හා පැලෙම්බෑන්ග් නුවර කේනද්‍රකරගනිමින් පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සදහා සහභාගී කරවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් සිදුවිය.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් පළාත් සභා,පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සියළුම ක්‍රීඩා සංගම් වෙත ප්‍රකාශ කර සිටියේ මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවන ක්‍රීඩකයන්ගේ පදක්කම් අපේක්ෂාව ඉහළ ප්‍රතිශතයක් විය යුතු බවයි.

මෙම තරඟාවලිය ආසියාවේ රටවල් අතර ක්‍රීඩාව තුලින් තමන්ගේ දක්ශතා පෙන්වා ඉහළ ප්‍රගතියක් පෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ජාතික ක්‍රීඩා සංගම්හට අවස්තාවක් කර ගත හැකි බව පෙන්වා දෙන ලදි. පසුගිය තරඟාවලිවලදී ලබාගත් පරිසාධන මට්ටම් සැළකිල්ලට ගෙන සෑම ක්‍රීඩාවකම ආසියානු පරිසාධන මට්ටම පරීක්ෂා කර බලා පදක්කමක් දිනා ගැනීමේ හැකියාව තහවුරු කරගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරඟාවලිය වෙත සහභාගී කරවීමේ වැදගත්කම පැහැදිළි කරන ලදි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේදී යම්කිසි ගැටළුකාරී තත්වයක් මතුවී තිබේනම් ඒ සදහා ජාතික තේරීම් කමිටුවේ සභාපති යුද්ධ හමුදාපති ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක මහතා වෙත අභියාචනයක් ඉදිරිපත් කල හැකි බවත්, ඒ සදහා එතුමා සුදුසු පරීක්ෂණයක් සිදුකර එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා සාධාරණයක් ඉෂ්ඨ කරන බවට තමා හට දැඩි විශ්වාසයක් තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

රටක් ලෙස ලෝකය ජයගැනීමට තිබෙන ක්‍රීඩා ක්ෂේත්‍රයේ තමා ගැන දැඩි විශ්වාසයක් තබා ජාතික තේරීම් කමිටුවේ සභාපති ලෙස තමන් තෝරාගැනීම පිළිබද ස්තූති කරමින් යුද්ධ හමුදාපති ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කර සිටියේ තමා සතු දැනුම හා පරිපාලනමය ශක්තිය යොදාගෙන මෙම කර්තව්‍ය සදහා ඉදිරි දිනවල මෙන්ම මීලග තරඟාවලි සදහාද වඩා හොද නායකත්වයක් ලබා දීමට කටයුතු කරණ බවයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් යනු රටට ජයග්‍රහණ ලබා දෙන මෙන්ම රටේ නාමය ජාත්‍යන්තරයේ බබලවන පිරිසක් බැවින් ඔවුන්ගේ දක්ෂතා අනුව හිමිවිය යුතු සෑම අවස්ථාවක්ම ලබා දීම තමා ඇතුළු කමිටුවේ නියෝජිත කණ්ඩායම සූදානම් බව ක්‍රීඩා සංගම්වල නිළධාරීන් අමතමින් ප්‍රකාශ කරන ලදි. සංගම්වල නිළධාරීන් හට තම පෞද්ගලික දුරකතන අංකය ලබා දෙමින් අවශ්‍ය ඕනේම අවස්ථාවක තමා සම්බන්ධ කර ගන්නා ලෙසත්, පැමිණ හමුවී සාකච්ඡා කිරීමට කාර්යාලයක් ස්ථාපිත කර ජාත්‍යන්තර තරඟාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම, අභියාචනා සාකච්ඡා කිරීම වැනි කාර්යයන් වඩාත් කාර්යක්ෂමව හා නිවැරදිව කිරීමට කටයුතු සකස් කරන බව පැහැදිළි කරන ලදි.

මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.බී.පී.හේරත්, ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න යන මහත්වරුන් සහභාගී විය.

 

Post Views: 2
Previous Post

මුදල් පාවිච්චිය නිසි ලෙස කළ යුතුයි – විගණන පනත අද විවාදයට

Next Post

සජිත් ජනපතිව දකින්න ඇස් පිං කරන්න ඕන

editor

editor

Next Post

සජිත් ජනපතිව දකින්න ඇස් පිං කරන්න ඕන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved