බදු ගෙවීම පැහැර හරිනු ලැබූ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් එම බදු මුදල් අය කර ගැනීම සඳහා දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
බදු ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අදාළ බදු අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් මෙම කරුණු ඉදිරිපත් කර ඇත.














