හබරාදූව යද්දෙහිමුල්ල ප්‍රදේශයේදී හෙරොයින්, අයිස්, ගංජා මිශ්‍ර හෑෂ් දියර සහ මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හබරාදූව පොලිසිය පවසයි.පොලිස් නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 112යි මිලි ග්‍රෑම් 260ක්, හෙරොයින් ග්‍රෑම් 29යි මිලි ග්‍රෑම් 700ක්, ගංජා මිශ්‍ර හෑෂ් දියර ග්‍රෑම් 698ක් සහ හඳුනා නොගත් මත්පෙති 500ක් පොලිස් භාරයට ගෙන ඇත.උණවටුන හීනටියන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.














