ශිෂ්‍ය අයිතිවාසිකම් සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා පැවැත්වූ විරෝධතාවයකට එක්ව සිටියදී, “Dhurandhar” චිත්‍රපටයේ “Shararat” ගීතය හරහා ජනප්‍රිය වූ ඉන්දීය රංගන ශිල්පිනී අයේෂා කාන් (Ayesha Khan) මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තමන්ව පොලිස් රථයක් තුළ සහ පොලිස් ස්ථානය තුළ සිටින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඇය සිය ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුමට එක්කරමින් සඳහන් කර ඇත්තේ, තමන් කිසිදු නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ නොවී සාමකාමීව රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. පොලිසිය විසින් ප්‍රථමයෙන් ඇයගේ සොහොයුරා සහ මිතුරන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වෙනුවෙන් රැඳී සිටි අවස්ථාවේදී තමන්ව ද වෝර්ලි (Worli) පොලිස් ස්ථානය වෙත රැගෙන ආ බව ඇය පවසන්නීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා පැවැත්වෙන මෙම විරෝධතාවට ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් කිහිපදෙනෙකු ද සහය පළකර ඇති අතර, අයේෂා කාන්ගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් මුම්බායි පොලිසිය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
















