කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) ව්‍යාප්ත වන ඉබෝලා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 999 දෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික මහජන සෞඛ්‍ය ආයතනය තහවුරු කරයි. ඉටූරි (Ituri) ප්‍රදේශයෙන් පසුගිය මැයි මාසයේදී ආරම්භ වූ මෙම බුන්ඩිබුගියෝ (Bundibugyo) එබෝලා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,473කි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අසල්වැසි උගන්ඩාවෙන් ද මෙම වෛරසය ආසාදිත මරණ දෙකක් වාර්තා වී තිබේ. ඉතිහාසයේ වාර්තා වූ වේගවත්ම ඉබෝලා ව්‍යාප්තිය මෙය වන අතර, මීට පෙර පැවති දරුණුතම ඉබෝලා වසංගතයට වඩා වේගයෙන් මෙවර මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අද්නානම් ගෙබ්‍රෙයිසස් අනතුරු අඟවයි.
තොරතුරු උපුටා ගැනීම: Al Jazeera ඇසුරින්
















